×

Search News

LATEST NEWS

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවත විවෘත වෙයි

සෝමාවතිය සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා ඊයේ (25) නැවත විවෘත කරනු ලැබුවා.

පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය ජලයෙන් යටවී තිබුණා.

මේ හේතුවෙන් රථවාහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගනු ලැබුවා.

ජලය ක්‍රමානුකූලව බැස යාම සමඟ ඊයේ (25) පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙලෙස බැතිමතුන්ට වන්දමාන කිරීම සඳහා විවෘත කර තිබෙනවා.

Previous Article Next Article