×

Search News

LATEST NEWS

නයිජීරියාවේ IS ඉලක්කවලට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

වයඹට නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් දැවැන්ත හා මාරාන්තික ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social හි සටහනක් තබමින් ඔහු පවසන්නේ නයිජීරියාවේ වෙසෙන අහිංසක කිතුනුවන්ට ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පිළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරයක දියත් කළ බවයි.

"කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය".

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ට්‍රම්ප් මාධ්‍ය වෙත ඉදිරිපත් කර නැහැ.

කෙසේ නමුත් අමෙරිකානු හමුදාව එම ප්‍රහාරය දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදු වූ බව පමණක් තහවුරු කරනවා.

ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට සමෘද්ධිමත්වීමට ඉඩ නොදෙන බවයි.

මේ අතර මෙම ප්‍රහාරයට නයිජිරියානු රජයේ සහයෝගය ලැබුණු බවද අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

Previous Article Next Article