×

Search News

LATEST NEWS

මහනුවර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ බෝම්බ බිය නිසා සේවකයන් නිවාඩු දමා ගෙදර ගිහින්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇටවූ වාහනයක් නතර කර තිබෙන බවට ලද ඊමේල් පණිවිඩය ව්‍යාජ එකක් බව පොලීසිය ප්‍රකාශ කර පයක් යන්නට පෙර නැවත වරක් එවැනිම ඊමේල් පණිවිඩයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපෑලට යොමු වීම හේතුවෙන් සේවකයින් විශාල පිරිසක් නිවාඩු දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම තොරතුරු ලැබීම සමඟ මෝටර් රථයක අටවා තිබෙන බෝම්බයක් පුපුරා යාමට නියමිත බවට පණිවිඩයක් ලැබී ඇති දිස්ත්‍රික් ලේකම්වරයා අද (26) පෙරවරුවේ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඉන්පසුව බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැඩිව පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

ඒ අනුව කාර්යාල පරිශ්‍රයේ නවතා තිබූ සියලු වාහන සෝදිසි කිරීමෙන් පසුව අදාළ ඊමේල් පණිවිඩය ව්‍යාජ එකක් බව තහවුරු කර ගත් පොලීසිය සෝදිසි මෙහෙයුම සඳහා යොදවා සිටි කණ්ඩායම් ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පැය දෙකක පමණ කාලයකින් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අද (26) දහවල් ආරම්භ කර සුළු වෙලාවකට පසු නැවත වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් පුපුරා යන බව දන්වමින් නිල විද්‍යුත් තැපෑලට ඊමේල් පණිවිඩයක් යොමු කර තිබීම හේතුවෙන් නැවත වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නොසන්සුන්තාවක් ඇති වුණා.

මේ අනුව අදාළ ඊමේල් පණිවිඩය සමඟ නැවත වරක් පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම තත්ත්වය සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙපාර්තමේන්තුවල සේවය සේවක සේවිකාවන්ගෙන් 80% ක් පමණ දින භාගයක නිවාඩු දමා නිවෙස් කරා පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article