×

Search News

LATEST NEWS

නාය යෑමෙන් හානි වූ රෝහල් 8ක් වෙනත් ස්ථානවල පිහිටුවීමේ තීන්දුවක්

නාය යෑම්වලින් හානි වූ රෝහල් 8ක් කඩිනමින් වෙනත් ස්ථානවල නැවත පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ආපදාවලින් ව්‍යසනයට පත් සෞඛ්‍ය අංශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවයි.

සෞඛ්‍ය අංශයට සිදු වූ මුළු හානිය රුපියල් මිලියන 21,742 ක් ලෙස ගණන් බලා ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

Previous Article Next Article