×

Search News

LATEST NEWS

ඩග්ලස් දේවානන්ද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙක් වූ ඩග්ලස් දෙවානන්දා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2001 වසරේ අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබාදුන් ගිනි අවියක් 2019 වසරේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එම අවියේ අංක පරික්ෂා කිරීමේ දී හෙළිව ඇත්තේ අදාළ ගිනිඅවිය ඒ මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවයි.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ අයුරු සම්බන්ධව ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article