×

Search News

LATEST NEWS

පාකිස්ථානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් බව ඉන්දියාව කියයි

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරම්භ වූ ඉන්දු - පාකිස්ථාන ගැටුම් සමථයකට පත් කිරීම සඳහා තෙවන පාර්ශවයක මැදිහත්වීමක් සිදු නොවූ බව ඉන්දියාව නැවත අවධාරණය කරනවා.

සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් කියා සිටියේ තෙවන පාර්ශවයේ මැදිහත්වීමක් සඳහා කිසිඳු භූමිකාවක් නොමැතිව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටළුව ද්වි පාර්ශවික විසඳා ගන්නා බව නැවත තහවුරු කරන බවයි.

පාකිස්ථානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් ලෙස දිගටම පවතින අයුරු ඉන්දියාව නිරීක්ෂණය කරන බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.

Previous Article Next Article