×

Search News

LATEST NEWS

බෝම්බ බිය ඇති කළ Email පණිවිඩය ගැන පොලීසියෙන් නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරු යම්කිසි මහජන කැළඹීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට පොලීසිය සැකපළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය අද (27) පැවසුවේ මෙම තොරතුර සම්බන්ධ පරිඝනක අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 5ක බෝම්බ සඟවා ඇති බවට එම කාර්යාලයේ ඊමේල් ලිපිනයට ඊයේ (26) දින පණිවිඩයක් යොමු කර තිබුණා.

ඒ සම්බන්ධව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැඩිව පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

අදාළ සෝදිසි මෙහෙයුම් කටයුතු 2025.12.26 වන දින උදෑසන සිට සවස් කාලය වන තුරු ක්‍රියාත්මක කළ අතර එහිදී සැක කටයුතු කිසිඳු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව සඳහන්.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මෙම තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇති කිරීමට ගත් උත්සහයක් බවට පොලීසිය සැකකරනු ලබන බවයි.

Previous Article Next Article