×

Search News

LATEST NEWS

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට රැඳවුම් නියෝග

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් නිත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වසරේ දී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම පිළිබඳව වන විමර්ශනයකට අදාළව ඊයේ (26) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති බව සඳහන්.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ එම ගිනි අවිය නිත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයා ලබාදී තිබූ එකක් බවයි.

මෙම තොරතුරු ලබාගත් අපරාධ කල්ලි සාමාජිකයා මාකදුරේ මදූෂ්ගේ පාර්ශ්වයේ අයෙකු බවද තොරතුරු වාර්තා වනවා.

Previous Article Next Article