×

Search News

LATEST NEWS

මත්තල ගුවන්තොටුපොළේ අපගමන බද්ද ඉවතට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදෙස් ගතවන ගුවන් මඟීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කර තිබෙනවා.

ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මඟීන්ගෙන් අය කෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකරනු ඇති.

අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ 2027 වසරේ ජුනි 26 වනදා දක්වා එය ක්‍රියාත්මක බවයි.

මත්තල ගුවන්තොටුපොළ වෙත ගුවන් සමාගම් සහ මඟීන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Previous Article Next Article