×

Search News

LATEST NEWS

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නොගැලපෙන යෙදුමක් ගැන විශේෂ පරීක්ෂණයක්

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවිය නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලීමෙන් පසුව එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය දැනටමත් මුද්‍රණය අවසන් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ එම මොඩියුලය බෙදා හැරීම අත්හිටුවා ඇති බවත් ඒ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත්ය.

මේ සම්බන්ධව හෙට (31) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිල්ලක් ද සිදු කිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Previous Article Next Article