×

Search News

LATEST NEWS

චිත්‍රපටියක් ලෙසින් සිදුවූ ජර්මනියේ බැංකු මංකොල්ලය

ජර්මනියේ බැංකුවකින් අමෙරිකානු ඩොලර් මිලියන 35ක මුදලක් කොල්ල කා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ හොලිවුඩ් චිත්‍රපටයක බැංකු කොල්ලයක් මෙන් කොල්ලකරුවන් පිරිසක් විශාල විදින කටුවක් භාවිත කරමින් මෙම මංකොල්ලය සිදුකර ඇති බවයි.

ඔවුන් පළපුරුදු කොල්ලකරුවන් පිරිසක් බවට සැකයක් පවතින බවද ජර්මානු ආරක්ෂක අංශ පවසනවා.

ජර්මානු පොලීසිය සඳහන් කරන්නේ කොල්ලකරුවන් බැංකුවේ තිබූ සේප්පු 3000ක් පමණ විවෘත කර ඇති බවත් එහි මුදල් සහ රන් ආභාරණ තිබී ඇති බවත්ය.

නත්තල දිනවල නිහඬතාව ප්‍රයෝජනය ගනිමින් කොල්ලකරුවන් පිරිස කොල්ල කෑම සිදුකර තිබෙනවා.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භයක් මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

බැංකුවක යාබද ගොඩනැගිල්ලක සිට විශාල විදින කටුවක් භාවිත කරමින් කොල්ලකරුවන් පිරිස සේප්පුවට ඇතුළු වී ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Previous Article Next Article