ලාෆ් ගෑස් මිල ඉහළට
ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමඟම එහි නව මිල රුපියල් 4250ක් වනවා.
තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1710ක් වී තිබෙනවා.