×

Search News

LATEST NEWS

පාසල් වේලාවන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීන්දුවක් ගනී

2026 වසර තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය මෙම තීන්දුව ගෙන ඇත්තේ රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමිනි.

පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු 2026 වසර තුළ පාසල් පවත්වන වේලාවන් දීර්ඝ නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (01) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කළා.

Previous Article Next Article