×

Search News

LATEST NEWS

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සහ බාල පුත්‍ර ලබන 9 වනදා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහු බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අතර එහිදී ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය, දැන දැනම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමඟ යවා එතනෝල් බලපත්‍රයක් ලබා ගැනීම, රජයට බදු මුදල් වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවට ඔවුන් අත්අඩංගුවට ගැනුණා.

Previous Article Next Article