ඉන්ධන මිල වෙනස් වෙයි - නවතම මිල ගණන් මෙන්න
සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මසට අදාළව සංශෝධනය කර තිබෙනවා.
මේ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් වනු ඇති.
මෙම මිල සංශෝධනය සමඟ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතිනවා.