×

Search News

LATEST NEWS

අල්ලස් කොමිසමෙන් හිටපු ඇමති මනුෂට කැඳවීමක්

2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස කැඳවීමක් සිදුකර තිබෙනවා.

ලිපියක් මාර්ගයෙන් හිටපු අමාත්‍යවරයා වෙත මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් සටහන් කර ගැනීම මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් 2025.09.08 වන දින ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා කොමිෂන් සභාව වෙත කැඳවීම් කළ නමුත් ඔහු විදේශ ගතව සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණීමට හැකිව තිබුණේ නැහැ.

Previous Article Next Article