×

Search News

LATEST NEWS

අධික වැස්සෙන් ගාල්ල නගරය යට වෙයි

ගාල්ල නගරයට අද (24) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගාල්ල - වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලීසිය ඉදිරිපිටින්, ගාල්ල - බද්දේගම මාපලගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, සරෙන්තුකඩේ සහ තනිපොල් ගහ හංදිය යන ප්‍රදේශවලින් ජලයෙන් යටවී ඇති බවයි.

මේ අතර ගාල්ල නගරයේ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබූ අතර මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගත් බවද වාර්තා වනවා.

නිසි පරිදි කානු පද්ධති පිරිසිදු නොකිරීම සහ වැසි ජලය බැස යන ප්‍රධාන කානු මත අනවසර ඉදිකිරීම් ඉදිකර තිබීම නිසා මෙවැනි තත්ත්වයන් නිතර හටගන්නා බවද ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිනවා.

Previous Article Next Article