×

Search News

LATEST NEWS

මත්ද්‍රව්‍ය භාවිතා කර රථ පදවන අයට එරෙහිව නීතිය දැඩි වෙයි

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දින සිට නීතිය ක්‍රියාත්මක වන බවයි.

රසායනාගාරයේ සිදු කරන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධව පරික්ෂා කර ගැනීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බවයි.

Previous Article Next Article