×

Search News

LATEST NEWS

උඩදුම්බර සෙලවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයේ දෙවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව වාර්තා වනවා.

මෙම කම්පනය මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

Previous Article Next Article