×

Search News

LATEST NEWS

දෙහිවල වෙඩි තැබීමකින් හෝටල් හිමිකරුවෙකු මරුට

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් අද (09) රාත්‍රී 7.45ට පමණ සිදුවුණා.

හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා.

මෙහිදී එම හිමිකරුගේ හිසට වෙඩි වැදී තිබෙනවා.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් යතුරු පැදියකින් පලා ගොස් ඇති බව පොලීසිය සැකපළ කරනවා.

Previous Article Next Article