×

Search News

LATEST NEWS

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්න ලෙස දැනුම් දෙයි

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තෙක් අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා එම අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බවයි.

මේ අතර පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Previous Article Next Article