×

Search News

LATEST NEWS

සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ - පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවශ්‍යතාව තිබුණත් එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පවසනවා.

දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද උන්වහන්සේ මෙහිදී පවසා සිටියා.

''පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ. ඇතැම් පාලකයෝ වගේ.. මහා නායක හාමුදුරුවන් තුන් කල් දකින ඥානයක් තියෙනවා.උන්වහන්සේලා මේ විගඩන් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනගන රට මොකක්ද?'' 

Previous Article Next Article