×

Search News

LATEST NEWS

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඒ මහතා මෙරටට පැමිණියේ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව සිටීමෙන් අනතුරුවයි.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් සිට පැමිණි ඔහු ඇතුළු දූත පිරිස චීන බලා යන අතරවාරයේ මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද දහවල් යළි චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

Previous Article Next Article