×

Search News

LATEST NEWS

විමල්ගේ සත්‍යග්‍රහයට අධිකරණයෙන් නියෝගයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

මාර්ගය අවහිර නොවන ලෙස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙස ද අදාළ අධිකරණ නියෝගයයෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින්  පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) උදෑසන ආරම්භ කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස සහ ගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා.

Previous Article Next Article