අමෙරිකානු සංචාරය අවසන් කරමින් ජනපති අනුර ජපන් නිල සංචාරය අරඹයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිමකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බවයි.
ජපන් රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම නිල සංචාරය සිදු කරනු ලබනවා.
සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයේ නිරත වන අතර එහිදී එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ ප්‍රධානීන් රැසක් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටිනවා.