×

Search News

LATEST NEWS

පද්මේ සඟවා තැබූ ගිනි අවියක් පෑලියගොඩින් සොයාගනී

සංවිධානාත්මක සාමාජික 'කෙහෙල්බද්දර පද්මේ' විසින් සඟවා තැබූ බව පැවසෙන T56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසළින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී T56 මැගසින් 4ක් මයික්‍රෝ පිස්තෝලයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව ඇති බව සඳහන්.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු හෙළිව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් වුණා.

Previous Article Next Article