×

Search News

LATEST NEWS

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදීකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වැනි වියේ පසුවුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දිනයේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේ දී සිදු කරනු ලැබුවා.

1944 වසරේ මෙලොව එළිය දුටු අතාස් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස සේවය කළා.

ඔහු සිය ජනමාධ්‍ය වෘත්තීය ජීවිතයේ දී විදේශීය පුවත් ඒජන්සි කිහිපයක් ද සේවය කරනු ලැබුවා.

මෙරට ආරක්ෂක අංශ සම්බන්ධව සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණය සමඟ ඔහුට තර්ජන ද එල්ල වී තිබුණා.

ඒ මහතා ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් ද දිනාගෙන තිබෙනවා.

2000 දී නිව් යෝර්ක් ටයිම්ස් ඔහු හැඳින්වනු ලැබුවේ "the country's leading military correspondent" ලෙසයි.

Previous Article Next Article