×

Search News

LATEST NEWS

IMF නියෝජිතයින් ලබන 22 වනදා දිවයිනට

ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචන පිළිබඳව නැවත සාකච්ඡාව සඳහා පැමිණෙන බවයි.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව තිබෙනවා.

ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණා.

එම රැස්වීම කල් දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මුල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙනි.

ශ්‍රී ලංකා රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව ඔවුන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

Previous Article Next Article