×

Search News

LATEST NEWS

ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාවට තමන්ගේ දේ දුන් මිනිසුන්

ආපදාවෙන් විපතට පත් ජනතාව පදිංචි කරවීම සඳහා ඊයේ (13) දිනයේ ඉඩම් පරිත්‍යාග 4ක් සිදු කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (13) පැවැත්වුණු ‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයේ දී මෙම පරිත්‍යාග සිදු වුණා.

චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී.රසංග ප්‍රගීන් ප්‍රනාන්දු, පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම් සමන්ත සරත් ආනන්ද මහත්ම මහත්මීහු මෙම ඉඩම් පරිත්‍යාග කර තිබුණා.

මෙලෙස පරිත්‍යාග කරනු ලැබූ ඉඩම් ප්‍රමාණය,

සැවැන්දන, වදාකඩ පදිංචි චන්ද්‍රා කුසුමාවතී එවරිට් මහත්මිය විසින් කුරුණෑගල අලව්ව ප්‍රදේශයෙන් අක්කර 02 පර්. 29.5ක්ද

වෑකඩ, පානදුර පදිංචි ජී.රසංග ප්‍රගීන් ප්‍රනාන්දු මහතා විසින් කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයෙන් පර්චස් 70ක් ද

වැවගෙදර, කුරුණෑගල පදිංචි පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන මහත්මිය වීසින් කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයෙන් පර්චස් 64ක්ද,

ඕවත්ත, හිඟුල පදිංචි ඩී.එම් සමන්ත සරත් ආනන්ද මහතා විසින් කුරුණෑගල මාස්පොත ප්‍රදේශයෙන් පර්චස් 15ක්ද වශයෙන් පරිත්‍යාග 

Previous Article Next Article