×

Search News

LATEST NEWS

UN මානව හිමිකම් වාර්තාවකින් ලංකාව ගැන දරුණු කතාවක් එළියට

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝන කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළි කර තිබෙනවා.

අදාළ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අතීතියේ ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.

ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්ථමානයේ දැඩිව සිදුවෙමින් පවතින බවත් එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බව සහ එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බව අවධානය කර තිබෙනවා.

Previous Article Next Article