×

Search News

LATEST NEWS

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් රිමාන්ඩ්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම ප්‍රදේශයේ විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා එහි නොසන්සුන්තාවක් හටගෙන ගැනුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව ඉදිකිරීම් අනවසර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.

බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීම උත්සාහ කිරීමේ දී හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල විය.

මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පාර්ශවයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

Previous Article Next Article