හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.
මෙරට හින්දු භක්තිකයින් මෙන්ම ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ද තෛපොංගල් මංගල්‍යය උත්සවාකාරයෙන් පවත්වනවා.
සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම උත්සවයේ දී සිදු කරනු ලබනවා.
හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු වන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදු කරන බව සඳහන්.
කිරි උතුරුවා යාමට සලස්වමින් සියලු දෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.
මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකෙනවා.