×

Search News

LATEST NEWS

Dambulla Bustaurant බස් රථ සේවාව අද දඹුල්ලෙන් ඇරඹේ

දඹුල්ල සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ”Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක් අද (15) දඹුල්ල පැල්වෙහෙරදී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව සංචාරකයින්ට ආපනශාලා පහසුකම් භූක්ති විදිමින් දඹුල්ල සීගිරිය කලාපය තුළ සංචාරය කිරීමට මෙහිදී ඉඩකඩ සලසා දී තිබෙනවා.

මෙම බස් රථය පැල්වෙහෙරින් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙර දක්වා පැමිණීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිතා කරන අතර දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශවන සංචාරකයින්ට මෙය අලුත් අත්දැකීමක් එක් කරනු ඇති.

මෙය මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වනවා.

Previous Article Next Article