මතට ඇබ්බැහි වූවන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක්
මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන් එක්දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ මඩකලපුව, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි.
මඩකලපුව එක් දින ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථාන එළැඹෙන සතියේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
මෙම මධ්‍යස්ථාන මඟින් රෝගීන්ට නේවාසික නවාතැන් නොගෙන එක්දින ප්‍රතිකාර සේවාවන් ලබාගත හැකි වනවා.