×

Search News

LATEST NEWS

ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වුණු හේතුව මෙන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වන විට සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ නවලක්ෂපාන සහ පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ඇති වූ හදිසි ඇනහිටීමක් හේතුවෙන් අද (15) පස්වරුවේ නුවරඑළිය, මොනරාගල, බදුල්ල සහ පැරණි ලක්ෂපාන යන උපපොළවල විදුලිය ඇනහිට තිබුණා.

මේ සමඟ අදාළ උපපොළ මඟින් විදුලිය සැපයෙන ප්‍රදේශවල හදිසි විදුලි බිඳ වැටීමක් සිදු බවද එම මණ්ඩලය සඳහන්.

ඊට අමතරව අද (15) පස්වරුවේ හම්බන්තොට සහ ඇඹිලිපිටිය විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ ද හදිසි දෝෂයක් හට ගෙන තිබුණා.

මේ සමඟ ඇඹිලිපිටිය, බෙලිඅත්ත, බලංගොඩ, දෙනියාය, ගාල්ල, මාතර සහ අම්බලන්ගොඩ උපපොළවල සැපයෙන විදුලිය ඇනහිටීමක් සිදුවුණා.

එම මණ්ඩලය සඳහන් කළේ මෙම ඇනහිටීම සමඟ උපපොළ මඟින් විදුලිය බෙදා හරින ප්‍රදේශවලට විදුලිය ඇනහිටීමක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් විදුලිය ඇනහිට තිබූ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article