බස් රථයක ගැටීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි
මඟී ප්‍රවාහන බස් රථයක් බස් නැවතුම්පොළ නතර කර නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ එම බස් රථයට ඉදිරියෙන් හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අපවත් වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ මින්නාන මංසන්ධියේ අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වා ධාවනය වූ බස් රථයක ඊයේ (15) දින දහවල් මෙහෙණින් වහන්සේ මෙලෙස ගැටී ඇති බවයි.
මෙහිදී අනතුරින් තුවාල ලැබූ මෙහෙණින් වහන්සේ ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බව සඳහන්.
ගැටහැත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩ වාසය කළ මෙහෙණින් වහන්සේ මෙලෙස අපවත්වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැලියගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.