×

Search News

LATEST NEWS

පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර තිබෙනවා.

මේ අනුව එම සංස්ථාවේ 2025 වසරේ ප්‍රගති සංක්ෂිප්ත වාර්තාවට අනුව 2024 සාපේක්ෂව 2025 වසරේ ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද හරහා රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1118 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ එය 173%ක වර්ධනයක් බවයි.

මෙය ඉතිහාසයේ පළමු වතාවට DHS Supplies සැපයුම් සඳහා ඉන්ඩෙන්ට් නිකුත් කිරීම හරහා 2025 වසර සඳහා වාර්ෂික අරමුදල් වෙන් කිරීමෙන් 100%ක උපයෝජනයක් ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකිව තිබෙනවා.

ජීවනී නිෂ්පාදන 36%කින් වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ජීවනී නිෂ්පාදන අලෙවි ආදායම 26%කින් වැඩිව ඇති බවද එම සංස්ථාව සඳහන් කරනවා.

2024ට සාපේක්ෂව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ආදායම ද 9%කින් වර්ධනය වී තිබෙනවා.

මෙහිදී කිරිබත්ගොඩ, නාරාහේන්පිට, කෑගල්ල, කල්මුනේ සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ඔසුසල ශාඛා 5ක් පිහිටුවීමට නියමිත බවද වාර්තා වනවා.

Previous Article Next Article