ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට තොරතුරු වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් ආරම්භ කර ඇති බවයි.
එම අවස්ථාවේ දී 4 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 3 හැවිරිදි ගැහැණු දරුවෙකුට ද වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබෙනවා.
ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවත් වෛද්‍ය කණ්ඩායම් දරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 44 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
ජින්තුපිටිය 125 වත්ත නම් ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම ඊයේ (16) රාත්‍රියේ සිදු වී තිබුණා.
ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.