යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි
ByteDance සමාගමට අයත් Tiktok සමාජ මාධ්‍ය ජාලයෙන් වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය එක්සත් රාජධානියේ දී වසරකට අධික කාලයක් පැවැති පරික්ෂණාත්මක වැඩසටහනකට අනුව සංවර්ධනය කර ඇති බවයි.
මෙම තාක්ෂණය හරහා තොරතුරු, පළකරන වීඩියෝ සහ පරිශීලක හැසිරීම් තොරතුරු විශ්ලේෂණය කර අදාළ ගිණුම 13 වයසට අඩු පුද්ගලයෙකුට අයත්දැයි හෙළි කිරීමට උපකාරී වනවා.
තාක්ෂණය අනාවරණය කළ ගිණුම් ස්වයං ක්‍රීයව අහෝසි නොකර විශේෂ නිරීක්ෂකයින් විසින් සලකා බැලීමට නියමිත බවද සඳහන්.
මෙම නව වැඩපිළිවෙල මඟින් 13 වයසට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනා ගැනීමේ සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ යුරෝපානු නියාමන පීඩනයට පිළිතුරක් ලෙස සැලකෙනවා.
මේ අතර 2025 වසරේ දී ඕස්ට්‍රේලියාවේ 16 වයසට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට සීමා පනවනු ලැබුවා.
ඊට අමතරව යුරෝපා පාර්ලිමේන්තුව සමාජ මාධ්‍ය වේදිකා සඳහා වයස් සීමාව ඉදිරිපත් කර ඇති අතර ඩෙන්මාර්ක් 15 වයසට අඩු පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා.