රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රානි රන්වල මහත්මිය පැදවූ මෝටර් රථය අද (17) අලුයම තවත් මෝටර් රථයක් ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.
බියගම පොලීසිය සඳහන් කළේ ඇය තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
කැලණිය බියගම මාර්ගයේ හිටපු කථානායකවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.
අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ පරික්ෂාවේ දී අදාළ පුද්ගලයා මත්පැන් පානය කර ඇති බව හෙළිව ඇති බව සඳහන්.
අදාළ සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.