ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්
2026 වසර ආරම්භ වූ පළමු දින 15 තුළ සංචාරකයින් 131898 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අදාළ කාල සීමාව තුළ එක්දින වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 15 වනදා වාර්තා වී ඇති බවයි.
එම දින පමණක් මෙරටට පැමිණි සංචාරකයින් ගණන 10483ක් වාර්තා වී තිබෙනවා.
අදාළ දින 15 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම ගණන 23786ක් බව වාර්තා වනවා.
රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166 දෙනකු සහ ජර්මනියෙන් 9,260 දෙනකු ගත වූ දිනවල මෙරටට පැමිණි බවයි එම අධිකාරිය පවසන්නේ.