ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්
ලබන පෙබරවාරි 1 වනදා සිට එක්සත් රාජධානිය, ඩෙන්මාර්ක් සහ අනෙක් යුරෝපීය රටවලට නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ මෙම රටවල්වලින් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පනවන බවයි.
ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගණුදෙනුවකට එළැඹෙන තෙක් මෙම තීරු බද්ද ක්‍රියාත්මක බවද ට්‍රම්ප් පෙන්වා දෙනවා.
මේ අනුව ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් එරටට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක අමතර තීරු බද්ද පැනවෙනු ඇති.
තවද 2026 වසරේ ජුනි 1 වනදා සිට මෙම තීරු බද්ද 25% දක්වා ඉහළ දමන බවද ඔහු සිය සටහනෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.