×

Search News

LATEST NEWS

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුර වූ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට 63 වියේ පසුවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ අයෙකි.

තවද එම පක්ෂය නියෝජනය කරමින් පසු කාලයක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුවට පිවිසි නන්දන ගුණතිලක මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරය ද හෙබවුණු ලැබුවා.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වුණා.

ඒ මහතා එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වුණා.

Previous Article Next Article