රථවාහන නීති කඩන අයට දඩ ලකුණු ලබාදීම ගැන පොලීසියෙන් පැහැදිළි කිරීමක්
රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන ජුලි මස අග සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසන්නේ Govpay ඔස්සේ දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම අකුසලතා ලකුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවා.
තවද විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් 2026 වසර වන විට නඩු 300කට ආසන්න ගණනක් ගොනු කර ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ මහතා කියා සිටියේ විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා නව පරීක්ෂණ උපකරණයක් පොලිස්පතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත බවත් එය අද (18) සිට ක්‍රියාත්මක කරන බවත්ය.