හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීමෙන් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.
පොලීසියේ පැවසුවේ අනතුරින් බස් රථයේ රියැදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එම ප්‍රදේශයේ බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති අතර ඒ අවස්ථාවේ දී රියදුරු එම දොර වැසීමට තැත්කර තිබෙනවා.
මෙහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසළ තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරලී ගොස් ඇති බවද වාර්තා වනවා.
අනතුරෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තුවාල ලැබුවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව සඳහන්.
තවද අනතුරින් පසු මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට අවහිර වී තිබෙනවා.
කඩිනමින් එම අවහිරතාව යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බවයි.