පොහොට්ටුවේ රැළිය නිසා උසස් පෙළ විභාගය දරුවන්ට බාධා
තඹුත්තේගම නගරය මධ්‍යයේ ඊයේ (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමේ අධික ශබ්දය හේතුවෙන් තඹුත්තේගම ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ සිටි උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැඩි බාධාවක් වූ බව විභාග සම්බන්ධීකාරක තඹුත්තේගම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කොට්ඨාස සංවිධාකයින් පත් කිරීම වෙනුවෙන් එම නගරයේ උත්සව ශාලා භූමියක මෙම රැස්වීම පැවැත්වුණා.
ඊයේ (17) පස්වරුවේ අපොස උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යා විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා පැමිණි සිටි සිසු දරු දැරියන් පිරිසක් මෙලෙස අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
ජනරැලියේ අධික ශබ්දය විභාගය ලියන දරුවන්ට දැඩි බාධාවක් බවට විභාග ශාලාධිපතිවරුන් විභාග සම්බන්ධීකරවරයාට දැනුම් දීම සමඟ ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.