×

Search News

LATEST NEWS

බංග්ලාදේශය ඉන්දියාවට යන්නේ නැත්නම් ලෝක කුසලානයෙන් ඉවතට?

ලෝක කුසලාන මුලික අදියරේ තරඟ සඳහා බංග්ලාදේශය ඉන්දියාවට පැමිණීම තවදුරටත් ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් තරඟාවලියෙන් ඉවත් කර බංග්ලාදේශය වෙනුවට සුදුසුකම් ලැබීමේ ඊළඟ අදියරේ පසුවන ස්කොට්ලන්තය වෙත අවස්ථාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

ලෝක කුසලාන තරඟ සඳහා ඉන්දියාවට පැමිණෙනවා ද නැද්ද යන්න දැනුම් දීමට එම කවුන්සිලය බංග්ලාදේශයට දින නියමව ඇති අතර එහි අවසන් දිනය වන්නේ ලබන 21 වනදායි.

ඒ අනුව තව දින දෙකක් ඇතුළත බංග්ලාදේශය සිය තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දිය යුතු වනවා.

ඉන්දියාව සමඟ ඇති දේශපාලන ගැටුම් මධ්‍යයේ ආරක්ෂක ගැටළු හේතුවෙන් ඔවුන්ගේ මුලික වටයේ සියලුම තරඟ ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉල්ලා ඇති ස්ථාවරයක බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් පසුවනවා.

වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කොන්ත්‍රාත්තුවෙන් මතභේදාත්මක ලෙස නිදහස් කිරීමෙන් බලපෑම් ඇති වූ වත්මන් තත්වයන් යටතේ එරට ජාතික කණ්ඩායම ඉන්දියාවට නොයන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ බංග්ලාදේශයේ මෙන්ම ICC යේ ද ස්ථාවර වෙනසක් සිදුව නැහැ.

කොල්කටා සහ මුම්බායි නියමිත තරඟ ස්ථාන වෙනස් නොකරන බව අයි.සී.සී.ය පැවසූ අතර, බංග්ලාදේශය ඉන්දියාවේදීම ක්‍රීඩා කළ යුතු බවද සඳහන් කර ඇත.

ඔවුන් පවසන්නේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට ලැබුණු අවසාන තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු නොවූ බවයි.

බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉතා උනන්දුවෙන් සිටින අතර, ඒ සඳහා සුදුසු හා ආරක්ෂිත පරිසරයක් ලබාදෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා තිබෙනවා.

නිසි විසිඳුමක් සෙවිය සඳහා සාකච්ඡා දිගටම කරගෙන යාමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කවුන්සිලය සමඟ එකඟ වී තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ක්‍රීඩකයින්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි.

දෙපාර්ශවයේ දැඩි ප්‍රතිපත්ති හමුවේ බොහෝ දුරට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි ස්ථාවරයට බංග්ලාදේශයට යටවීමට සිදු වනු ඇති.

ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ ඉන්දීය ස්වදේශ ඇමතිවරයාගේ පුතා වූ ජේ. ෂා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හැටියට කරන බලපෑම හමුවේ ඉන්දියාවට හිතවාදී තීන්දුවක් අපේක්ෂා කළ හැකි බවයි.

Previous Article Next Article