මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද දිවයිනට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එම අරමුදල සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් ඔවුන් පිරිස මෙරටට පැමිණීමට නියමිත බවයි.
අද (22) මෙරටට පැමිණෙන එම නියෝජිත පිරිස ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.
ආපදාවෙන් ඇති වූ ආර්ථික හා මානුෂීය අභියෝග පිළිබඳව ලංකාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමට සහ එමඟින් යටිතල පහසුකම්, ජිවනොපයන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි සිදුව ඇති බලපෑම් අවබෝධය කර ගැනීම මෙම නියෝජිත කණ්ඩායමේ මුලික අරමුණ වී ඇති බව වාර්තා වනවා.
තවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය මේ වන විට අවසන් කර තිබෙනවා.
ඊට අනුමැතිය ලබාදීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමු කිරීමට නියමිතයි.