ICCය බංග්ලාදේශයට තීරණයක් ගන්න දවසක් කල් දෙයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටක ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට ඊයේ (21) නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම් එම කණ්ඩායම වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICCය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ICC මෙම තීරණය මේ වන විට බංග්ලාදේශ රජයට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
බංග්ලාදේශ කාණ්ඩයම ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පැවැති තීරණාත්මක සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
එම රැස්වීමෙන් පසුව ඡන්දයක් පවත්වා ඇති බව සඳහන්.
මෙහිදී ආදේශකයෙකු පත් කිරීමට බොහෝ දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ තම ස්ථාවරය දැනුම් දීමට ICC බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට තවත් එක්දිනයක් ලබාදී තිබෙනවා.
මේ අනුව බංග්ලාදේශ සිය තීරණය වෙනස් නොකරන්නේ නම් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්තය C කාණ්ඩයේ තරඟ කිරීමට නියමිතයි.