×

Search News

LATEST NEWS

ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්න අඛණ්ඩව සහාය දෙනවා - IMF

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩව සහාය ලබනදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නැවත තහවුරු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර හමුවකදී මේ බව සඳහන් කර ඇත.

මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද එක්ව සිටියා.

Previous Article Next Article